EMN මාධ්‍ය ජාලයට, සී. එස්. එන්. නාළිකාවේ සංඛ්‍යාත ලබාදීමට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවසරය ඉල්ලා ඇති බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු සමරසිංහ පසුගියදා පවසා තිබිණි.
රාජ්‍ය දේපල අවභාවිතා කරමින් අයථා ලෙස උපයා ගනු ලැබු මුදලින් ආරම්බ කළ බවට චෝදනා එල්ල වන රාජපක්ෂ පවුලේ පාලනය යටතේ පැවැති සී. එස්. එන්. නාළිකාවට එරෙහිව චෝදනා කිහිපයක් මත අධිකරණයේදී නඩු විභාගයක් සිදුවන මොහොතක එම නාළිකාවේ සංඛ්‍යාත පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මාධ්‍ය ජාලය වෙත පැවැරීම වැරැදි ක්‍රියාවක් බවත් ඒ පිළිබඳව තම සංවිධානය අවධානයෙන් පසුවන බවත් එම සියලු තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට සූදානම් බවත් ඔහු පසුගියදා හෙළිදරව් කර තිබිණි.
දැනට සී. එස්. එන්. නාළිකාවේ කාර්ය මණ්ඩලයක් නොමැති අතර එහි සිටි ප්‍රධාන විධායක නිලධාරියා මේ වන විට කටයුතු කරන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ මාධ්‍ය ජාලයේ බවත් එම සම්බන්ධතා හරහා මේ ගනුදෙනුව සිදුවනු ඇති බවත් සමරසිංහ පවසා සිටියේය. මේ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් කළ සොයා බැලීමක දී හෙළි වූයේ අර්ජුන් ඇලෝසියස් ට අයත් මාධ්‍ය ජාලයේ ඉහළ මට්ටමේ නිළධාරී තනතුරු සඳහා මේ වන විට රාජපක්ෂ පවුලේ හිතවතුන් රැසක් ද සම්බන්ධ කර ගෙන ඇති බවය.
මේ වන විට එම ආයතනයේ ඉහළ වගකීම් උසුලන්නේ රාජපක්ෂ හිතවාදීන් පිරිසක් වීම මත එම මාධ්‍ය ජාලය ආරම්බ කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණු නිශ්ඵල වී තිබෙන බවට එම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. ඇලෝලියස් මහතා හා රාජපක්ෂ පවුලේ දරුවන් අතර මිත්‍ර සම්බන්ධතා තිබුණද මෙම මාධ්‍ය ජලය මඟින් රාජපක්ෂවරුන්ට පක්ෂපාත මතයක් ගොඩ නොනැඟිය යුතු බවට ඔහුගෙන් උපදෙස් ලැබී තිබුණු බවත් 2020 දී එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු බලය දිනා ගැනීම වෙනුවෙන් මෙම මාධ්‍ය ජාලය ආරම්බ කෙරුණු බවත් එම සමාගමේ තොරතුරු මාර්ග අවධාරණය කරයි.
කෙසේ නමුත් මේ වන විට එම පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ගුවන් විදුලි හා රූපවාහිනි සේවයේ ඉහළ තතතුරු සඳහා සම්බන්ධ කරගෙන ඇති පුද්ගලයන් ගනනාවක් රාජපක්ෂවරු යටතේ පැවැති සී එස් එන් රූපවාහිනියේ හා සිංහ එෆ් එම් ගුවන් විදුලියට සම්බන්ධව සිටි පිරිස වේ. මෙහිදී සී එස් එන් හි හිටපු විධායක නිලධාරී ( වර්තමානයේ එහි අධ්‍යක්ෂකවරයකුව පෙනී) සිටින කසුන් නමින් පෙනී සිටින නැමැත්තා නව මාධ්‍ය ජාලයේ සියලු මෙහෙයුම් අතට ගෙන ඇත.
මෙම විධායක නිලධාරීයා වෘත්තීයෙන් නීතිඥයකු වන අතර ඔහු සී එස් එන් සමාගමේ අධ්‍යක්ෂකවරයකු ලෙස සම්බන්ධවන්නේ එම ආයතනය සම්බන්ධයෙන් වන මුල්‍ය අපරාධ චෝදනාවන්ට මුහුණ දීමටත්, එම ගැටලුව තමන් විසින් විසඳා දීමටත් රාජපක්ෂ පවුලේ ප්‍රධානින්ට දුන් පොරොන්දුවක් අනුවය. කසුන් සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක ගජ මිතුරන් වන අතර කසුන් රාජපක්ෂවරුන්ට පොරොන්දු වී ඇත්තේ ශිරාල් ලක්තිලක හරහා මෙම ගැටලුවෙන් රජපක්ෂවරු මුදවාලිය හැකි බවය. කෙසේ නමුත් සී එස් එන් ආයතනය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන්ව ඇති නමුත් නඩු පැවැරීමක් තවමත් සිදුව නොමැත.
එමෙන්ම මේ වන විට ප්‍රකාශයට පත් කරමින් තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ජනයුගය පුවත් පතෙහි කර්තෘවරයාද රාජපක්ෂ හිතවාදියකු වන අතර ඔහු මීට පෙර මව්බිම පුවත්පතෙහි කර්තෘවරයාව සිටියදී රාජපක්ෂ ආණ්ඩුව රැක ගැනීම වෙනුවෙන් මාධ්‍ය කලාවද අපහරණය කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටි අයෙකි. ඔහු සමඟ මව්බිම පුවත් පතේ හිටි රාජපක්ෂ හිතවාදීන් සියලු දෙනාම මෙම ජනයුගය පුවත් පතටද එක්වී සිටී.
කෙසේ නමුත් මේවන විට රාජපක්ෂවරු තමන්ගේ පාර්ශ්වය, මාධ්‍ය හරහා ඉස්මතුවන ආකාරයේ තවත් මාධ්‍ය මෙහෙයුමක් ආරම්බ කර තිබෙන බවත් වාර්තා වේ. එහිදී මාධ්‍ය ශ්‍රේණිගත කිරීමේ සමාගමකට විශාල මුල්‍ය ආයොජනයක් සිදු කර මාධ්‍ය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම මෙහි එක් පියවරක් වී ඇත. ඒ අනුව මෙහිදී මාධ්‍යය ජනතාව අතර ජනප්‍රිය වීමට නම් රාජපක්ෂවරුන්ට හිතවාදී පුවත් පළ කිරීම විය යුතු බවට මාධ්‍ය ආයතන ප්‍රධානින්ට ඒත්තු ගැන්වීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.
මේ අතර ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් සුපිරි නිවාස සංකීර්ණයක නිවසක් සඳහා අර්ජුන් ඇලෝසියස් විසින් කුලී පදනම මත මාසිකව ලක්ෂ 12ක පමණ ගෙවීමක් කර තිබේ. එහෙත් අදාළ නිවසේ වාසය කරනු ලැබුවේ ඇලෝසියස් නොව එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක බව භාණ්ඩාගාර බැඳුම්කර පිළිබඳ පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද (24) අනාවරණය වී තිබේ.
Source : infosrilankanews.com
Monday, July 24, 2017
ඇලෝසියස්ව, රාජපක්ෂලා නටවයි - රවීගේ සම්බන්ධයත් හෙළිවේ.
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment