සති දෙකකින් විසඳුම් නැත්නම් තැපැල යළි වර්ජනයේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

සති දෙකකින් විසඳුම් නැත්නම් තැපැල යළි වර්ජනයේ..

තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් සති දෙකක් ඇතුළත විසදුම් ලබා නොදුනහොත් නැවත වරක් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසයි.

සිය ගැටළු සම්බන්ධයෙන් පත් කළ කමිටුව එකඟතා මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවත් එම සංගමය පෙන්වා දෙයි. තැපැල් දෙපාර්තමේන්තුවට සහ සේවකයන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය 26 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් තැපැල් සේවකයෝ විසින් දියත් කරනු ලැබුහ. ඊට විසදුම් ලබාදීමට පත් කළ කමිටුව එකඟතා පමණක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බව එම එකමුතුව වැඩි දුරටත් අවධාරණය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad