ලොව චිත්‍රපට 400කින් ලංකාවේ චිත්‍රපටයක් එක අරගෙන.. (වීඩියෝ) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ලොව චිත්‍රපට 400කින් ලංකාවේ චිත්‍රපටයක් එක අරගෙන.. (වීඩියෝ)

ජාත්‍යන්තර ස්වාධීන චිත්‍රපට උළෙල තුන්වන වරටත් ඉන්දීයාවේ නව දිල්ලි නුවර දී පසුගියදා පැවැත්වුණ අතර රටවල් 34 කින් ඉදිරිපත් කළ චිත්‍රපට 400ක් අතුරින් ශ්‍රී ලංකාවේ කෙටි චිත්‍රපටයක් ප්‍රථම වරට පළමු ස්ථානය දිනා ගැනීමට සමත් වී තිබේ.

එංගලන්තය, මෙක්සිකෝව,ඇමෙරිකාව, බ්‍රසීලය, ප්‍රංශය, ජර්මනිය, ෆින්ලන්තය, සහ ඉන්දියාව ඇතුළු රටවල් 34ක් මේ සඳහා චිත්‍රපට ඉදිරිපත් කර ඇති අතර ඒ අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කළ ‘නිහඩ ලිපිය’ හෙවත්  “SILENT LETTER” නම් කෙටි චිත්‍රපටය මෙහිදී සම්මානයට පාත්‍ර වී ඇති බව සදහන්ය.

මෙම කෙටි චිත්‍රපටය තිර රචනය කර නිෂ්පාදනය කරන ලද්දේ ආධුනික සිනමාකරුවකු වන තිවංක රුක්ෂාන් පෙරේරා විසින් වන අතර ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන කමල් අද්දරආරච්චි විසින් මෙම කෙටි චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත.

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්..

No comments:

Post a Comment

Post Bottom Ad