දරුවගෙ ඇඩිල්ල බල බල මවක් කල දෙයක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

දරුවගෙ ඇඩිල්ල බල බල මවක් කල දෙයක්..

තම හත් හැවිරිදි දරුවා අසල නිවසක තබා, තුන් හැවිරිදි දරුවාට කිරි දී පැදුරේ තබා එම දරුවා හඩමින් බලා සිටියදී මවක් නිවස තුල ගෙළ වැලලා ගෙන මියගිය පුවතක් වාර්තා වේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරවෙල, මාලිගාතැන්න, පට්ටියගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණ මවක් බව වාර්තා වන අතර අදාල කාන්තාවගේ සැමියා යුද හමුදාවට අනියුක්තව සේවය කරන බවද සදහන්ය. 32 හැවිරිදි වියේ පසුවන ඔහු සිය බිරිදගේ මරණය සම්බන්ධයෙන් පොලිසියෙන් කළ ප්‍රශ්න කිරීමේදී පවසා සිටියේ මෙවැන්නකි.

“මම යුද හමුදාවේ බර වාහන රියදුරෙක් ලෙස සේවය කරනවා. අප අතර මතබේදයක් අමනාපයක් තිබුනේ නැහැ. බිරිද බලාපොරොත්තු වන දේවල් වල අතපසුවීමක් වුනේ නැහැ. මානසික ආබාධ කිසිවක් තිබුනේ නැහැ. සිද්ධිය වු දින මම අඹගස්දෝව අක්කලාගේ ගෙදර ගියා. මම ආපසු  ත්‍රිරෝද රථයකින් එමින් සිටියදී බිරිද මට ජංගම දුරකථනයෙන් කතා කර ඇය එල්ලී මැරෙනවා කිව්වා. ගෙදර ඇවිත් බලද්දී  නිවසේ කාමරයක සාරියකින් ගෙළ වැළලා ගෙන මිය ගොස් සිටියා”

බණ්ඩාරවෙල හදිසි මරණ පරීක්ෂකවරයා විසින් ත්‍රිපුද්ගල ජුරි සභාවක් ඉදිරියේ පසුගිය 09 දා බදුල්ල මහ රෝහලේ දී පවත්වන ලද හදිසි මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙය ගෙළ වැලලා ගෙන සිදුකර ගත් සියදිවිනසා ගැනීමක් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad