“ජ්‍යේෂ්ඨයෝ මෛත්‍රී ළඟ ,කණිෂ්ඨයෝ ඒකාබද්ධය ළඟ.” - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

“ජ්‍යේෂ්ඨයෝ මෛත්‍රී ළඟ ,කණිෂ්ඨයෝ ඒකාබද්ධය ළඟ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් තනතුරු දැරූ ජ්‍යේෂ්ඨයින් සියළුම දෙනා අද සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ලඟ බවත්,මෑත යුගයේ පාර්ලිමේන්තුවට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණිෂ්ඨයින් සියළුදෙනා ඒකාබද්ධ විපක්ෂයේ සිටින බවත්  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අම්බලන්තොට වැලිපටන්විල දී ප්‍රකාශයක් කර තිබේ.

ඒ මහතා මේ බව සඳහන් කලේ වැලිපටන්විල ධිවර වරාය අසල සුඛෝපභෝගි රුවල් යාත්‍රා නිපදවිමේ පෞද්ගලික කර්මාන්තශාලාවකට මුල් ගල් තැබීමෙන් අනතුරුව පැවතී උත්සවයට සහභාගිවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමත්‍යවරයා,

“මම ශ්‍රි ලංකා  නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය එකතු කිරිමට ගන්නා  උත්සාහ ව්‍යයර්ථ කිරිමට කුඩා කණ්ඩායමක් සිටිනවා. ඒ අය තමයි මේ සියළුම දේ ප්‍රචාරය කරන්නේ. ඒ අය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තුල කණිෂඨයින් වන නිසා වෙනත් පක්ෂයක් හදාගෙන ජ්‍යේෂඨයින් වීමට උත්සාහ දරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළුම ජ්‍යේෂ්ඨයින් අද ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමා ලඟ. අද ඔය කුමන්ත්‍රණ කරන එකොලහක පමණ කණ්ඩායමක් තමයි ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියා සිටින්නේ. ඒ අය අළුතින් පාර්ලිමේන්තුවට ආපු අය. 94, 89, පාර්ලිමේන්තු ආපු තනතුරු දරපු අය වැඩි පිරිසක් අද ජනාධිපති තුමා සමඟ ඉන්නවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජ්‍යේෂ්ඨයින් විමට කණිෂ්ඨයින්ට නොහැකි නිසා ඒ අය අළුතින් පක්ෂයක් හදාගෙන ජ්‍යේෂ්ඨයින් වෙන්න හදනවා. අපි මේ දෙගොල්ල එකතු කරගෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න හදන නිසා කණිෂ්ඨයො මට ප්‍රහාරය එල්ල කරනවා. ඊයේ පෙරේදාත් මට එල්ලවූයේ එවන් චෝදනාවක් මේ වගේ චෝදනා දිගින් දිගටම එල්ලවෙනවා. ඒ කවර චෝදනාව එල්ල වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරන්න කිසිවිටක මෛත්‍රිපාල ජනාධිපතිතුමාත් කටයුතු කරන්නේ නැහැ. අපේ උත්සාහයත් එය නිසා අපිට දිගින් දිගටම චෝදනා එල්ලකරනවා. අපිට අවශ්‍ය වන්නේ 2025 , 3030, 3035 ආණ්ඩු හදන්න නායකයො බිහිකරන්න නොවෙයි. 2020 දී  ආණ්ඩුවක් ලබා ගන්න අපේ උත්සාහය අතහරින්නේ නැහැ. එය දිගින් දිගටම කරනවා.”

No comments:

Post a Comment

Post Bottom Ad