කෝපායිහිදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු හඳුනාගෙන ඇති බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි. යාපනය පොලිස්ථානයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා සඳහන් කළේ අදාළ සැකකරු එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයෙකු සහ ආවා කල්ලියට සම්බන්ධ අයෙකු බවයි.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙකු ද හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන බව පොලිස්පතිවරයා සඳහන් කළේය. පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ත්‍රිවිධ හමුදාව සමඟ එක්ව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment