ගෑස් මිල රුපියල් 200කින් ඉහලට? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

ගෑස් මිල රුපියල් 200කින් ඉහලට?

ගෑස් මිල රුපියල් 200කින් පමණ ඉදිරියේදී වැඩිවිමට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ගෑස් මිල වැඩි කළ යුතු බවට ලිට්රෝ හා ලාෆ්ස් ගෑස් සමාගම් ජීවන වියදම් කමිටුවෙන් ඉල්ලීමක් කර ඇති නමුත් එම ඉල්ලීම පිළිබඳ සාකච්ඡා කරමින් පවතින අතර ගෑස් මිල වැඩිකිරීම සම්බන්ධව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් වාර්තා වෙයි.

විශේෂයෙන් ගෑස් සමාගම් පාඩු ලැබීමත්, ලෝක වෙළඳ පොළේ ගෑස් මිල පසුගිය කාලය තුළ ඉහළ යාමත් ඩොලරයේ මිල වැඩිවිම යන හේතු මත ගෑස් මිල වැඩිකිරීම සඳහා සමාගම් ඉල්ලීමක් කර ඇති බව පැවසේ. ගෑස් මිල වැඩි කිරීම සඳහා සමාගම් කර තිබෙන ඉල්ලීම පිළිබදව පසුගිදා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට භාජනය වී ඇති අතර අවසන්වරට 2016 වසරේ නොවැම්බර් මාස අයවැයෙන් ගෑස් මිල රුපියල් 25කින් අඩුවිය.

No comments:

Post a Comment

Post Bottom Ad