එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් පසුව ශ‍්‍රීලනිප පිරිසක් ඉවත් විමෙන් ඇති වන අර්බුදකාරී තත්වය මගහරවා ගැනීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගද මේ සදහා මැදිහත් වෙමින් සිටින බවත් සමරවීර මහතා පත් කිරීම මගින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිවන විරෝධතා පාලනය කිරීමට පහසු වනු ඇතැයිද අදහස වී ඇත. මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කර මෙම තත්වය පාලනය කරන ලෙස එජාපයේ මෙන්ම ශ‍්‍රීලනිපයේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයිද වාර්තා වන අතර එමගින් ආණ්ඩුවේ 2/3 බලය තව දුරටත් පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද මෙම කණ්ඩායම් පෙන්වා දී ඇත.
Monday, July 24, 2017
රනිල් ඉවත් කර මංගල සමරවීර අගමැතිකමට..?
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment