මෙමහිදී පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාද එක්ව සිටි අතර ඔහු එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පිළිතුරක්ද ලබා දුන්හ. අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණ කල් දැමීම ගැන ආණ්ඩුවට සිදු කරන චෝදනා පදනම් විරහිත බවයි.
මහින්ද දේශප්‍රිය මහතා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.
“අපේ මැතිවරණ කොමිසන් සභාවේ දැක්ම සර්වජන ජන්ද බලය සුරකින දේශයක්.සර්වජන ජන්ද බලය සුරකින දේශයක් හදන්න නම් ඒකට සේනාංකයක් අවශ්‍යයි.ඒ සේනාංකය ජන්ද කුටියට ගිහිල්ලා පැන්සල තමයි පාවිච්චි කරන්නේ.හැබැයි අපිට ඒක පාවිච්චි කරන්න අවස්ථාව අහිමි වෙමින් යනවා.ජන්දයක් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්.බොහෝ දෙනෙක් හිතනවා ජන්ද කල් දැමීමට වග කියන්න ඕනේ මේ ගරු අමාත්‍යතුමාත් මමත් කියලා. ඒක වැරදි දෙයක් කියලා.පාර්ලිමේන්තුවේ පනතේ අඩුපාඩු සම්මත කරලා දුන්නොත් අපට ජන්දේ තියන්න පුළුවන් හැබැයි ඒක කල් දාන එක තමයි කණගාටුව.”

No comments:
Post a Comment