සියලු විනිසුරුවන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - ජනපති පොලිස්පතිට උපදෙස් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

සියලු විනිසුරුවන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - ජනපති පොලිස්පතිට උපදෙස් දෙයි

සියලු විනිසුරුවන්ගේ ආරක්ෂාවට පියවර ගන්න - ජනපති පොලිස්පතිට උපදෙස් දෙයි
යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලින් මහතා ඉලක්‌ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරයත් සමඟ සියලු විනිසුරුවරුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පොලිස්‌පති පූජිත ජයසුන්දර මහතාට උපදෙස්‌ දී ඇත.
එසේම නල්ලූර් ප්‍රදේශයේදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරය හෙළා දැක ඇති ජනාධිපතිවරයා එම ප්‍රහාරයේදී ජීවිතක්‍ෂයට පත් වූ පොලිස්‌ සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා වෙනුවෙන් සිය බලවත් කනගාටුව පළකර ඇත.
එමෙන්ම විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් යොදවා මෙම සිදුවීම පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්‌ වහාම සිදුකරන ලෙස ද ජනාධිපතිවරයා පොලිස්‌පති ඇතුළු ආරක්‍ෂක අංශවලට උපදෙස්‌ දී ඇත.
පොලිස්‌ සැරයන්වරයාගේ අභාවය පිළිබඳ ඔහුගේ පවුලේ ඥතීන් වෙත සිය බලවත් කනගාටුව පළකළ ජනාධිපතිවරයා තම රාජකාරිය නිසි ලෙස ඉටු කරන මෙවන් නිලධාරීන් සමස්‌ත රාජ්‍ය සේවයටත් පොලිස්‌ දෙපාර්තමේන්තුවටත් ආදර්ශයක්‌ බව ද සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad