අධ්‍යක්ෂවරු හය දෙනෙක් මට ලිංගික යෝජනා ගෙන ආවා -මියුසික් වීඩියෝ නිළි ශෂි ඇංජලීනා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

අධ්‍යක්ෂවරු හය දෙනෙක් මට ලිංගික යෝජනා ගෙන ආවා -මියුසික් වීඩියෝ නිළි ශෂි ඇංජලීනා



අලුතින් නිර්මාණය වෙන හුඟක් මියුසික් වීඩියෝවල දකින්න ඉන්න කෙනෙක් තමයි ශෂී ඇන්ජලීනා. ඇය වැඩිම රූප රචනා ප්‍රමාණයකට දායක වුණු නිරූපිකාව විදිහටත් හදුන්වන්න පුළුවන්. ශෂීගේ මේ අලුත්ම විස්තර ගැන සතිඅන්ත පුවත්පතක සටහන් වෙලා තිබුණේ මේ විදිහට.

ශෂී ඇන්ජලීනා කියන්නේ ලංකාවේ වැඩිම රූප රචනා ප්‍රමාණයක රඟපෑ නිළියද..?
මේ වෙද්දි මම රූප රචනා 151 රඟපාලා තියෙනවා. ලංකාවේ වැඩිම ගීත රූප රචනාවල රඟපෑ නිළිය කියලා තමයි මාව හදුන්වන්නේ.


නිරුවත්, අඩනිරුවත් හෝ සරාගී දර්ශන තියෙන මියුසික් වීඩියෝවලට ශෂී එකතු වෙලා තියෙනවද..?
මම සාමන්‍යයෙන් බටහිර විලාසිතා අනුගමනය කරනවා. කොටට අඳිනවා. මියුසික් වීඩියෝවලටත් ඒ විදිහට අඳිනවා. ඒත් ඔය කියපු විදිහේ දර්ශනවලටනම් ඉඳලා නැහැ.


ඒ වගේ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත්..?
මම බාරගන්නේ නැහැ..


ශෂී මියුසික් වීඩියෝ සඳහාම බිහිවූ ශිල්පිනියක්ද..?
නැහැ.. මම නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා.. මේ වෙද්දි ටෙලි නාට්‍යය 4 ක රඟපාලා තියෙනවා. සිනමාව තුල නම් චිත්‍රපට දෙකක විතරයි රඟපාලා තියෙන්නේ.


ඊට හේතුව එවැනි අවස්ථා අඩුවෙන් ලැබෙන නිසාද..?
අවස්ථා ලැබෙනවා. ඒත් හොඳ අවස්ථා ලැබෙන්නේ අඩුවෙන්.


ඒ කිව්වේ..?
රඟපෑ චිත්‍රපට ප්‍රමාණය දෙකක් වුණාට මේ වෙද්දි මම චිත්‍රපට හයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ චිත්‍රපට හයේම අධ්‍යක්ෂවරු මට ලිංගික යෝජනා ගෙන ආවා. ඒ හින්දයි ඒ අවස්ථා ප්‍රතික්ෂේප කළේ.


ඒ කියන්නේ නවක නිළියන්ට ඒ වගේ සිදුවීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා..?
අනිත් අය ගැන මම දන්නේ නැහැ. හැබැයි ඒ අධ්‍යක්ෂවරු හය දෙනාම මට කිව්වේ නිළියක් වෙන්න නම් ඒ විදිහේ කැපකිරීමක් කරන්න ඕනේ කියන එක. ඒ අතරින් පස්දෙනෙකුට මම කෙලින්ම විරෝධය එල්ල කළා. එක්කෙනෙකුට තදින් කතා කරලා බනින්නත් වුණා.


ශෂීගේ විස්තර කිව්වොත්..?
මම බණ්ඩාරවෙල දියතලාවේ.. දැන්නම් ඉන්නේ කොළඹ. මම රඟපෑම හා නිවේදනය තමයි කරන්නේ..


ආදරය ගැන කතාකරන්න කැමති නැද්ද..?
ආදරය ගැන කියන්න විශේෂ දෙයක් නෑ ඉතිං… අම්මයි මල්ලියි මමයි ආදරෙන් ඉන්නවා…













සටහන - ආරියවංශ කුලතිලක (ලක්බිම)

No comments:

Post a Comment

Post Bottom Ad