ඇමති රවීට එරෙහිව තවත් පෙත්සමක්

මුදල් අමාත්‍යාංශය යටතේ පැවති සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ජාතික ලොතරැයි මණ්ඩලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පැවරීමට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (11)  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි.

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සහ නීතීඥවරයකු වන සිසිර ජයකොඩි  මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත. පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ ,විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක ,මුදල් හා ජනමාධ්‍ය කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති. ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත පවරා ඇති බලතල ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment