උමාලි – ධනුක විවාහය ගැන ධනුක උත්තර දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 24, 2017

උමාලි – ධනුක විවාහය ගැන ධනුක උත්තර දෙයි

සාරංග – උමාලි අලුත්ම කතාව තමයි ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙන්න මේ වෙද්දි කටයුතු සිදුවෙමින් පවතිනවා කියන කතාව. මේ කතාවත් එක්ක අන්තර්ජාලයේ පැතිරුණු තවත් දෙයක් තමයි සාරංග – උමාලි නීතියෙන් වෙන්වුණාට පස්සේ උමාලි ධනුක එක්ක එකතු වෙනවා කියන එක.. 

ඒ වගේම ඔවුන් දෙදෙනා ඉක්මනින්ම අතිනත ගැනීමත් සිද්ධවෙනවා කියලා අන්තර්ජාලය පුරාම පුවත් හුවමාරු වෙනවා. ඉතිං හැමතැනම පැතිරෙන මේ කතා ගැන සිංහල අද දෙරණ වෙඩ් අබවිය සමග ධනුක පවසා ඇත්තේ මේ වගේ කතාවක්.

“මේ වගේ දේවල් පතුරවන්නේ වැඩක් නැතිව අනුන්ගේ දේවල් හොය හොය ඉන්න මිනිස්සු. මොකද වැඩක් කරන කෙනෙක්ට අනුන්ගේ දේවල් හොය හොය බොරු කතා පතුරවන්න වෙලාවක් නෑ. ඒ වගේම ඒ දේවල් පිළිගන්න අය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද කෙනෙකුගේ චරිතය ඝාතනය කරලා පතුරවන ඒ කතා පිළිගන්න තරම් සමහරුන්ගේ මානසික මට්ටම අඩුයි. මඩ ගහන්නේ මඩේම ඉන්න කට්ටිය. ඉතිං මඩ ගාගෙන තවත් කෙනෙක්ට මඩ ගහන එක තමයි ඒ අය කරන්නේ. ඇත්තටම මේ දේවල්වලට උත්තර දෙනවට වඩා හොඳයි ඒ වෙනුවෙන් කාලය නාස්ති කරගන්නේ නැතිව වැඩක් කරන එක.”

No comments:

Post a Comment

Post Bottom Ad