ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පසුගියදා උණ රෝග තත්වයක් හේතුවෙන් රේහල් ගත කළ අතර ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචි හෙළි කර තිබේ. පසුගිය සිකුරාදා උණ රෝගයක් වැළඳීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු අතර පසුව සිදු කළ පරීක්ෂණවලින් හෙලි වුණේ ඔහුට නිව්මෝනියා රෝගය වැළඳී ඇති බවකි.
ඒ අනුව, ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පෙනහළුවල ඇති වූ ආසාධන තත්ත්වය අඩු වී ඇති බව වෛද්‍යවරුන් දන්වා තිබේ. චන්දිමාල් පරීක්ෂාවට ලක් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය නිර්දේශ ඒකකයේ සාමාජිකයෙකු වන මහාචාර්යය අර්ජුන ද සිල්වා මහතාගේ නිර්දේශ මත චන්දිමාල් නිවස බලා පිටත්ව ගිය බව වාර්තා වේ. එළඹෙන ඉන්දීය – ශ්‍රී ලංකා පළමු ටෙස්යට් තරගයේ ඔහු විවේක ගනු ඇති අතර දෙවන ටෙස්ට් තරගයට ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව ඇති බව වාර්තා වේ.
Monday, July 24, 2017
චන්දිමාල්ගේ නිව්මෝනියා තත්වය පහව යයි - ටිකට් කපා ගෙදර යයි
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment