උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක මහතා අතර හමුවක් යාපනයෙදී පැවත්විණි.
යාපනය නල්ලූර්හි පිහිටි උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයාගේ නිල නිවසේදී මෙම හමුව පැවති අතර මෙම හමුවේදී උතුරු පලාතේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නිදහස් කර ගැනීම හා මුලතිව් කේපාපිලව් ගම්මානයේ වැසියන්ගේ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළ බවට එම හමුවෙන් පසුව උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂවරන් මහතා මධ්‍යට අදහස් දක්වමින් කියා සිටියේය.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ,
‘යුද හමුදාපති වරයා අපේ පරණ මිතුරෙක් එතුමන් යුදහමුදාපති ධූරයට පත් වීමෙන් පසුව උතුරු පලාතේ කල සංචාරයෙන් පසුව මාව හමුවෙන්න පැමිණියා එසේ පැමිණ කල සාකච්ඡාවේදී ඔහු විශේෂ කරුණක් මට කිව්වා යාපනයේ ආඥාපති වරයා වශයෙන් අවසන් වරට කටයුතු කරලා යන අවස්ථාවේදීත් මයිලිට්ටි ධිවර වරාය ඇතුලු ප්‍රදේශය නිදහස් කරනවා කියලා ඔහු දුන් පොරොන්දුව ඉටු කලා කියල මට කිව්වා යුද්දෙ කාලෙ තිබුනු වාතාවරණය වගේ නෙමෙයි යුද්දෙ නොමැති කාලේ යුද හමුදාව වැඩ කටයුතු කළ යුතු ආකාරය ගැන රණවිරුවන් දැනුවත් කරන බවටත් ජනතාව සමග කටයුතු කරන ආකාරය පිළිබඳවත් දැනුවත් කරන බවට ඔහු අවධාරණය කලා.
ඒ වගේම මුලතිව් කේපාපිලව් ගම්මානයේ ඉඩම් නිදහස් කිරීම සම්බන්ධයෙන්ද කඩිනම් පියවර ගන්නා බවටද ඔහු සඳහන් කලා නැවත පදිංචි කිරීම් අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා මේ සඳහා ප්‍රතිපාදන වෙන්කරනවා කියල පොරොන්දු වෙලා තියනවා ඒ නිසා ලගදිම ඒ වෙනුවෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙයි කියල ඔහු කිව්වා’ යනුවෙනි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Monday, July 31, 2017
Home
දේශපාලන පුවත්
හමුදාව රදවා සිටින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි විග්නේෂ්වරන් හමුදාපති හමුවී දන්වයි..
හමුදාව රදවා සිටින උතුරේ ඉඩම් නිදහස් කරන්නැයි විග්නේෂ්වරන් හමුදාපති හමුවී දන්වයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment