කොලු පැටවුන් දුෂණය කර තුන් අවුරුද්දකට හිරේ දැමූ චීවරධාරියා බේරාගන්න සිවිල් සංවිධාන හා සමනලයෝ පෙරමුණ ගනිති… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

කොලු පැටවුන් දුෂණය කර තුන් අවුරුද්දකට හිරේ දැමූ චීවරධාරියා බේරාගන්න සිවිල් සංවිධාන හා සමනලයෝ පෙරමුණ ගනිති…

අස්ගිරි පාර්ශ්වයේ මානාහිමිපාණන් ඇතුළු සමස්ථ බෞද්ධ භික්ෂූන් වහන්සේලාටම නිගාවෙන අන්දමට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කල හීනටියන සමිත හිමි කියා ගන්නා චිවරධාරි භික්ෂූව ඊයේ කොළඹ මහාධිකරණය විනිසුරුතුමන් විසින් සමලිංගික ක්‍රියා කොට වයස අවුරුදු 16 මෙන්ම වයස අවුරුදු 18 ක තරුණ ගැටයන් දෙදෙනෙකු අපයෝජනය කිරීමේ චෝදනාවට වරදකරු කරමින් වසර 3 ක් බරපතළ වැඩ සහිතව බන්ධනාගාර ගත කල බව ලක්බිම පුවත්පත වාර්තා කරයි.

හිමිනමට නියම කල රුපියල් ලක්ෂයක ඇපය ගෙවන්නේ නැත්නම් එම බන්ධනාගාර කාලය තවත් වසරකින් දීර්ඝ වනු බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව ඒ හිමි නම මේ වනවිට වැලිකඩ බන්ධනාගාර තුල බරපතළ වැඩ සහිතව සිර දඬුවම් විදිමින් සිටි. මේ සම්බන්ධව මේ වනවිට සමලිංගික අයිතීන් මෙන්ම නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනි සිටින සිවිල් සංවිධාන කලබලයට පත්ව ඇති අතර අදාළ භික්ෂූව අභියාචනාධිකරණය ඈපලක් මත වහාම කොට නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත.

මෙම හිමිනම සිරගතවීම සම්බන්ධව සිවිල් සංවිධානවල මතය ආණ්ඩුව වෙනුවෙන් පෙනි සිටිමින් විශාල කාර්යයක් කල උන්වහන්සේ සිරගත වීම සමලිංගික අයිතිවාසිකම් මෙන්ම නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනි සිටින පිරිසගේ පරාජයක් ලෙසයි. එමෙන්ම එම තීන්දුව ආණ්ඩුවේ පාර්ශවයන් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා එම තීන්දුව ලිහිල් කර ගැනීමට හෝ එම චෝදනාවලින් නිදහස් කර ගැනීමට කටයුතු කල යුතු බවයි. බොහෝ දුරට මේ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට ද ඉඩ ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad