'සිරුරේ නොපෙනෙන තැනක රෝමකූප ඉවත් කරගෙන පෑනක් තබා ගන්නා ලෙස කියලා' -හැටන් ගුරු විද්‍යාපීඨයේ පුහුනු ගුරුවරියන්ට අමුතු රැග් එකක් .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

'සිරුරේ නොපෙනෙන තැනක රෝමකූප ඉවත් කරගෙන පෑනක් තබා ගන්නා ලෙස කියලා' -හැටන් ගුරු විද්‍යාපීඨයේ පුහුනු ගුරුවරියන්ට අමුතු රැග් එකක් .!

හැටන් ගුරු විද්‍යාපීඨයට පසුගිය සතියේ අලුතෙන් පැමිණි සිසුවියන් පිරිසකට එහි සිටි දෙවැනි වසරේ සිසුවියන් පිරිසක් අමුතුම තාලයේ අශෝභන ක්‍රියාවක් සහිත නවක වධයක් ලබාදී ඇතැයි දිනපතා පුවත්පතක් වාර්තා කරනවා.

සිරුරේ නොපෙනෙන තැනෙක රෝමකූප ඉවත් කරගෙන ඒ මත පෑනක් තබා ගන්නා ලෙසට ඔවුන් බලකළ බවට සිද්ධියට මුහුණ පෑ සිසුවියන් කීපදෙනකු දිඹුල - පතන පොලිසියට ඒ බව පවසා ඇතත් ඔවුන් එය පැමිණිල්ලක් ලෙස සටහන් කර ගන්නවාට කැමැති වී නැතැයි පොලිස් ආරංචිමාර්ග සදහන් කර තිබෙනවා.

සිංහල සිසුවියන් සිංහල සිසුවියන් වෙනුවෙන්ද දෙමළ සිසුවියන් දෙමළ සිසුවියන් වෙනුවෙන්ද වෙන වෙනම මෙම ක්‍රියාව සිදුකොට ඇති බවද හෙළි ව තිබේ. මේ සිදුවීමෙන් පසුව ඉකුත් 8 වැනිදා සිකුරාදා සිට විද්‍යාපීඨය වසා දමා ඇතැයි පැවසෙන ආරංචියත් සමඟ ඒ පිළිබඳව විමසීමේදී එහි ප්‍රකාශකයකු පැවසුවේ නවක වධය ලබාදීමේ සිද්ධියත් ගුරු විද්‍යාපීඨයට නිවාඩු ලබාදීමත් අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි.

සෑම වසරකම අලුතෙන් සිසුන් පැමිණි විට ඔවුන්ගේ ලිපි ලේඛන පරීක්ෂාකොට භාර ගැනීමෙන් පසු ඔවුනට නිවෙස්වලට ගොස් අවශ්‍ය බඩුබාහිරාදිය රැගෙන ඒමට සතියක නිවාඩුවක් ලබාදීම මෙයට පෙර වසරවලදී පවා සිදු කරන දෙයක් බව ඔහුන් පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad