බැදුම්කර වංචාව සම්බන්ධව සොයාබල ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දුන් ගෝලෝබල් ගෘප් හි මූල්‍ය අධ්‍යක්ෂක බ්‍රයන් සින්නයියා 2015 ජනවාරි මාසයේදී මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව විසින් ජාතියේ මහා පහන් ටැබ යයි පවසන ලංකා බැංකුවේ නව අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කොට ඇති බැව් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තා මගින් පැහැදිලි ය.
එම අවස්ථාවේදිම ඔහු දිගටම ඉහත සමාගමේ ද මූල්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරි කර ඇති බැව් ඊයේ කොමිසම ඉදිරියේදී සාක්ෂි දීමේදී හෙලිවිය. මොහු ලංකා බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික ලෙස රාජකාරි කරන කාලයේදී ලංකා බැංකුවේ ඉහළම විනිවිඳභාවයකින් යුක්ත කමිටුව වන විගනණ කමිටුවේ සාමාජිකයකු මෙන්ම අවදානම් කමිටුවේ හා වැටුප් හා මානව සම්පත් කමිටුවේ ද සාමජිකයකු ලෙස රාජකාරි කොට ඇත. මීට අමතරව ලංකා බැංකුව සතු මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රි ලංකා අධ්‍යක්ෂවරයෙකු ලෙස රාජකාරි කොට ඇති බැව් ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.
මෙවැනි වගකීම් රාශියක් යහපාලන ආණ්ඩුවේ ප්‍රධානතම මූල්‍ය ආයතනයක දැරු බ්‍රයන් සින්නයියා ගොලෝබල් ගෘප් හි කොටස් සීයයට 30% හිමිව තිබු එහි සභාපති ධුරය දරන්නේ එංගලන්තයේ පදිංචිව සිටින ලක්ෂිමිකාන්තන් නැමැත්තෙක් විසින් වරින් වර මලුවල දමා ගෙනත් දුන් රුපියල් මිලියන 145 ක් ගැන කොමිසම ඉදිරිපිට සාක්ෂි දෙමින් පැවසිය. එම GLOBAL LOGISTIC සමාගමේ ඉතිරි සීයයට 70% ක් කරුණානායක පවුලට අයත් බව ඔහු පිලිගත් අතර මෙම නිවස මිලදී ගැනිමට සේලාන් බැංකුව හරහා රුපියල් මිලියන 150 ක නයක් ද දැනට රවි කරුණානායක පවුල පදිංචිව සිටින කොළඹ සුඛෝපභෝගි නිවාස සඳහා ගත් බවක් ද සාක්ෂිවල හෙලිදරව් කොට ඇත.
එමෙන්ම සාමාන්‍ය රජයේ සේවකයකු හෝ දුප්පත් මිනිහෙක් නිවාස ණයක් ඉල්ලුම් කල විට එය ලබාදීමට වසරක් පමණ කාලය ගතවන අතර කිසිදිනක නිවසේ වටිනාකමින් සීයයට 90% කිසිම බැංකුවකින් ලබාගැනිමට නොහැකිය, එහෙත් මෙම සුඛෝපභෝගි නිවස මිලියන 165 කට අනි විජේසූරිය මෙනෙවියගෙන් ගත් බවත් ඒ සඳහා බැදුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝසියස් විසින් මූලික ගෙවීම වු රුපියල් මිලියන 11 ක් පමණ මෙලා කරුණානායක මහත්මිය ඉදිරිපිට දීමට ඇයට දීමට එකඟ වු බවත් මීට පෙර කොමිසම ඉදිරියේදී සාක්ෂි දෙමින් එම නිවසේ හිමිකාරිය පැවසීය. එමෙන්ම ඇය පැවසුවේ පසුව එම නිවස තමන්ට රුපියල් මිලියන 165 ක් ලබාදි කරුණානයක පවුලට අයත් සමාගමක් පසුව මිලදී ගත් බවයි. සේලාන් බැංකුවේ කොටස් ලංකා බැංකුව සතුවද පවති.
Sunday, July 30, 2017
Home
අනාවරණ
කෝටි ගනන් සල්ලි මිටි ගෙනත් සේප්පුවේ දැමු ගොලෝබල් ප්‍රධානියා ‘බ්‍රයන් සින්නයියා’ ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්…
කෝටි ගනන් සල්ලි මිටි ගෙනත් සේප්පුවේ දැමු ගොලෝබල් ප්‍රධානියා ‘බ්‍රයන් සින්නයියා’ ජාතියේ මහා පහන් ටැබ ලංකා බැංකුවේ අධ්‍යක්ෂවරයෙක්…
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment