යාපනයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

යාපනයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක්

යාපනයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදි කල්ලියකින් ප්‍රහාරයක්
යාපනය නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී ඊයේ (30) පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඇත. ඉන් තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවට කෝපායි පොලීසිය පවසයි.

ඊයේ දහවල් 1.45 ට පමණ මෙම පහර දීම සිදු කොට ඇති අතර අදාල සිදුවීමට මුහුණ පා ඇත්තේ සිංහල හා දෙමළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි. අදාල පොලිස් නිලධාරීන් දෙදෙනා කෝපායි ප්‍රදේශයේ පැමිණිළි විභාග කිරීමට ගොස් ඇති අතර එම අවස්ථාවේදී යතුරුපැදි 4 කින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඇති අතර එහිදී කැපුම් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ හදීසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබන බවට පොලීසිය සඳහන් කළේය.

මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ මන්නාරම් මුරුන්ගන් ප්‍රදේශයේ පදිංචි සුරෙන් හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දම්මික නැමති කොස්තාපල්වරුන් දෙදෙනෙකි. අදාල පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදුන් පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති අතර එම පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවද කෝපායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad