පැනමා පේපර්ස් කළු සල්ලි හසුවී පකිස්තානු අගමැති දොට්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

පැනමා පේපර්ස් කළු සල්ලි හසුවී පකිස්තානු අගමැති දොට්ට


පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය එරට ජනාධිපතිවරයා එම තනතුරට නුසුදුස්සෙකු බවට සිකුරාදා ඓතිහාසික තීන්දුවක් ලබාදුනි. මාස ගණනාවක් තිස්සේ ඔහුට විරුද්ධව පැවැති දූෂණ චෝදනා පිළිබඳ කරැණු විමසා බැලීමෙන් පසුව (පැනමා පේපර්ස්) නමින් හැඳින්වූ කළු සල්ලි රට බැංකුවල තැන්පත් කළ රහස්‍ය ගිනුම් හිමියකු ලෙස ඔහු තහවුරු විය. 

ඔහුගේ දරුවන්ගේ නම් සඳහන් ගිණුම් වලින් කළු සල්ලි තැන්පත් කර තිබුණි. 67 හැවිරිදි නවාස් ෂරීෆ් සතුව ලන්ඩනයේ නිවාස 4ක් ද තිබෙන බව හෙළි විය.  නවාස්ගේ දරුවන් තිදෙනකුගේ ඩොලර් මිලියන 25ක රහස් ගනුදෙනු  එළිදරව් විය.

විපක්ෂයේ පිරිස් හා ජනතා පෙළගැස්මට මුල්තැන දුන් අධිකරණය මෙම ගැටලුව ස්වාධීන ලෙස විභාග කළ අතර ඉහළ පෙළේ පරීක්ෂණ කමිටුවක් මේ සම්බන්ධයෙන් පිහිටුවන්නට යෙදිනි. මෙහිදී ෂරීෆ් ඇතුළු පිරිස සිය වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත්ව ඇති බව එළිදරව් විය. මේ හේතුවෙන් නවාස් හට දැන් එළියට බසින්නට සිදුව තිබේ. පාකිස්තානයේ 1958 සිට මේ දක්වා බලයට ආ කිසිදු අගමැතිවරයකුට වසර 5ක ධුර කාලය යහතින් ගත කරන්නට සිදුවූයේ නැත.

No comments:

Post a Comment

Post Bottom Ad