යාපනය කෝපායි කොණ්ඩාවිල් ප‍්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධවලින් සිදු කල පහර දීම හේතුවෙන් ස්ථාන කිහිපයක විශේෂ පොලිස් ආරක්ෂිත වැඩපිළිවලක් ආරම්භ කොට ඇත.
මේ අතර මෙම පහරදීම ආවා කල්ලියේ ක‍්‍රියාවක්දැයි යන්න සැක පහළ වී ඇති අතර තවත් සැකයක් වී ඇත්තේ අදාල පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විසින් පැමිණිලි විභාග කිරීමේදී ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම පහර දීම සිදුව ඇති බවටයි. කෙසේ වෙතත් පහර දුන්නේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04ක් ද අනියුක්ත කර තිබෙනවා.
ඊට අමතරව පසුගිය දින කිහිපයේදී තවත් උපපොලිස් පරික්ෂක වරයෙකුට පහර දීමක් සිදු වූ හෙයින් යාපනයේ සැක සහිත ස්ථානයන්හි පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ආරක්ෂාව දැඩි කොට තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ සිදු කළ මෙම පහර දීමෙන් සිංහල හා දමිළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් ප‍්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට සිටියේය.
යතුරුපැදි 04කින් පැමිණි තරුණයින් 11 දෙනෙකු පමණ පහරදීම සඳහා පළමුව පැමිණ ඇති අතර තවත් යතුරුපැදි 04කින් පැමිණි පිරිසක් පසුව ඊට එක්ව තිබෙනවා. කඩු සහ වෙනත් තියුණු ආයුධ භාවිත කරමින් මෙම පහරදීම සිදු කර ඇති අතර අදාල පහර දීම හේතුවෙන් පොලිස් කොස්තාපල් වරුන් දෙදෙනාගේ පිට ප්‍රදේශයට හා අත් වලට පා වලට තුවාල සිදු වී ඇති අතරම පොලිස් නිලධාරීන් දෙදෙනා ගමන්ගත් යතුරුපැදියටද දැඩි අලභහානි කොට සැකකරුවන් පලා ගොස් තිබුණි.
(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:
Post a Comment