යාපනය මහාධිකරණ විනිසුරුගේ ආරක්ෂක පොලිස් නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශණ කණ්ඩායම් සැක පලකරන අතර ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය කියා සිටියේය.
මෙසේ උදෑසන අත්අඩංගුව ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරෙකු හා තවත් ඥාතියෙකුවන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන බවට වාර්තා වෙයි. යාපනය නල්ලූර් කෝවිල පිටුපස පිහිටි අතුරු මාර්ගයක පෙරේදා (22) සවස යාපනය මහාධිකරණ විනිසුරු නිල නිවසට යමින් සිටින අවස්ථාවේදී විනිසුරු රථය අයෙකු විසින් හරස් කොට පොලිස් ආරක්ෂකයින්ට සිදු කරන ලද වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලැබීය.
යාපනය පොලීසිය රහස් පොලීසිය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විසින් මේ වන විට අදාළ වෙඩි තැබීම සිදු කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇති බවට වාර්තා වෙයි. වෙඩි තැබීම සිදු කරේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කෝවිල ළඟ පිහිටි ත්‍රීරෝද රථගාලේ සිටි රියදුරන් සමඟද ආරවුලක් ඇති කරගෙන සිටි අතරම එම පුද්ගලයා බීමතින් සිටි බවටද කරුණු අනාවරණය වෙයි.
මීට අමතරව මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු වූ ස්විස් කුමාර් නැමත්තා සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාළ නඩුව විභාගයවන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට යාපනයේ වැසියන් විසින් පොලීසියට තොරතුරු ලබා දී ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:
Post a Comment