ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට අදාළව සිදුකරන පරීක්ෂණ සඳහා අර්ජුන් ඇලෝසියස් මහතා විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන නිලධාරීන්ට බාරදෙන ලෙස භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නියෝග කර තිබේ.
පසුව අර්ජුන් ඇලෝසියස් මහතා විසින් භාවිතා කළ ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්ලට්, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ විමර්ශන කාර්යාලය වෙත බාර දී ඇතැයි වාර්තා වේ. අදාළ විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) දිනයේ ලබාදුන් සාක්ෂි අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම උපකරණ ලබාදෙන ලෙස නියෝග කර තිබිණි.

No comments:
Post a Comment