සිවාජිලිංගම්ගෙන් ප්‍රකාශ සටහන් කරගනියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 31, 2017

සිවාජිලිංගම්ගෙන් ප්‍රකාශ සටහන් කරගනියි

සිවාජිලිංගම්ගෙන් ප්‍රකාශ සටහන් කරගනියිබෞද්ධ භික්ෂුන් වහන්සේ නමකට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සහ මුල්ලිවායික්කාල් දිනය ගැන කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුළු තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ඊයේ (30) යාපනය පොලීසියේ අපරාධ පරීක්ෂණ ඒකකය මඟින් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මුලතිව් සංචාරයකට තර්ජනාත්මකවත්, බෞද්ධ හිමිනමකට නිගරු වන ආකාරයටත්, මුල්ලිවායික්කාල් සැමරුම සම්බන්ධයෙනුත් යාපනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කළ බව කියන ප්‍රකාශයන් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව මෙලෙස ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත  කැඳවා තිබුණි. ඒ අනුව අදාළ සිද්ධියට අදාළව අද දිනයේ ඒ මහතා ඇතුළු තිදෙනාගෙන්  ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad