බණ්ඩාරවෙල තන්තිරියේ ‘ඇලවෙන කුළුණ‘ ලෙස ප්‍රකට ගොඩනැගිල්ලේ හිමිකරු සම්බන්ධ නඩුව අද බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගත් අවස්ථාවේ දී තන්තිරිය, කිණිගම පමණක් නොව බණ්ඩාරවෙල නගරය ද, පුපුරා ගිලා බසින නගරයක් බවට පත් වී ඇත්තේ ‘උමා ඔය‘ විනාශකාරී ව්‍යාපෘතිය හේතුවෙන් බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ලබා දුන් සාක්ෂියේ සදහන්වේ.
‘බණ්ඩාරවෙල ඇළවෙන කුළුණ‘ උමා ඔය විනාශය නිසා නොව ඉදිකිරීම් දෝෂ සහ අනවසර ඉදිකිරීමක් බැවින් ගිලා බසින බවට තර්ක කළහ. ඒ ආසන්නයේ නිවාස එකිනෙක ඇලවෙන්නට පටන් ගත් විට මේ පිළිබද විශේෂඥ වාර්තා කැදවීම සිදු විය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධිකරණය වාර්තා කළේ වෙහෙරගල තැන්න 534, මකුල්ඇල්ල 531, එගොඩගම 438, උඩපේරුව 460, බඹරගම 19, තන්තිරිය 262 වටගමුව 32, ඇත්තලපිටිය 1, බණ්ඩාරවෙල නැගෙනහිර 31, බිදුණුවැව 85, කිණිගම 412, මහඋල්පත 100, උතුරු කැබිල්ලේවෙල 53 ලෙසින් එක් එක් ග්‍රාම නිලධාරි වසම් වල නිවාස හා ගොඩනැගිලි උමා ඔය හේතුවෙන් විනාශයට පත්වී ඇති බවයි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ උමා ඔය ව්‍යසනයෙන් ඉවත් කරන නිවැසියන්ට රු. 30,000 ක අවම ගෙවල් කුළී දීමනාවක් ලබා දිය යුතු බවයි. අවතැන්වන්නන් කදවුරුවෙත යොමු කිරීම බලවත් ව්‍යවසනයක් බවට රට පුරා ජනතාව දැනුවත් කරන ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට ලංකාවේ පළමු වරට තම ‘සිද්ධාන්තය කියාවෙහි යෙදවීමට අවස්ථාවක් උමා ඔය ව සනය නිසා ලැබී ඇතැයි තෙන්නකෝන් මහතා පවසයි.
දැනට නිවාස කුලී ලෙස ගෙවනු ලබන රු. 15,000 න් බණ්ඩාරවෙල විනාශ නොවූ හරක් මඩුවක් හෝ ලබා ගත නොහැකි බව පවසන තෙන්නකෝන් මහතා රජය ස්වේචාවෙන් උමා ඔය අවතැන්වූවන්ට ලබා දුන් එකම සහනය ‘නිවාස කුලිය‘ බවත් එය මිනිසාගේ මුලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට ප්‍රමාණවත් තත්වයකට පත් කිරීමට රජය අසමත්වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. 2014 දෙසැම්බර් 26 ජල කාන්දුවත් සමග ඇතිවූ තත්වයට මුහුණදීම සදහා එවකට බදුල්ල දිසාපතිවරයා වූ රෝහණ කීර්ත දිසානායක මහතා ජනාධිපතිවරණය පැවැත්වෙන අතර දින කිහිපයකින් සහන වැඩපිළිවෙලක් සකස් කළේය.
2015 ජනවාරි 15 බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති සහන රැස්වීමේ දී හානියට පත් නිවසකට රු. 15,000 බැගින් ගෙවීමට ප්‍රශස්ත ලෙස තීරණය කරන විට නිවාස හානි වූ පිරිස 20 කට අඩු වූ බම මානව හිමිකම් කේන්ද්‍රය බදුල්ල දිසාපතිවරයා වෙත යොමු කළ ලිපියේ දැක්වේ. NBRO ආයතනය අද අධිකරණය වෙත ඉදිරිපත් කළ උමා ඔය විනාශය දැක්වෙන වාර්තාව ඡායාරූපයක් පහතින් දැක්වේ.

No comments:
Post a Comment