ඩෙංගු සමග සටනට මාධ්‍ය සූදානම් - ජුලි 12 උදේ 9 - 11 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍යවලින් එකම වැඩසටහනක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ඩෙංගු සමග සටනට මාධ්‍ය සූදානම් - ජුලි 12 උදේ 9 - 11 දක්වා සියලුම විද්‍යුත් මාධ්‍යවලින් එකම වැඩසටහනක්

ජාතික ව්‍යවසනයක් බවට පත්ව ඇති ඩෙංගු මර්ධනය කිරීම සඳහා මෙරට සියළු පුරවැසියන් එකම වෙලාවක ඩෙංගු සමඟ සටන් කරන මෙහෙයුමක යෙදවීමට ශ්‍රී ලංකාවේ සියලු ජනමාධ්‍ය ආයතන අද තීන්දු කළා.

ඒ අනුව එළඹෙන සෙනසුරාදා උදයවරුව තුළ සියළු ජනතාව තමන්ගේ නිවාස හා ඒ අවට පිරිසිදු කරමින් ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම එම මෙහෙයුමයි. හෙට උදෑසන 9 සිට 11 දක්වා පැය 2ක කාලයක් ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ එකම වැඩසටහනක් ප්‍රචාරය කිරීම මෙහි මූලික පියවරයි. මෑත ඉතිහාසයේ පළමු වරට සියලුම ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා එකම වෙලාවක එකම වැඩසටහනක් සජීවීව විකාශය කෙරෙන ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි.


ඒ අනුව, උදෑසන 9 සිට 11 දක්වා කාලය තුළ ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීම සඳහා එළඹෙන සෙනසුරාදා උදෑසන කාලය වෙන් කෙරෙන අයුරු පිළිබඳව ජනතාව දැනුවත් කෙරෙන පූර්ව ප්‍රචාරක වැඩසටහන හෙට මෙලෙස සජීවීව ප්‍රචාරය කිරීමට නියමිතයි. හෙට වැඩසටහන තුළින් ජනතාව දැනුවත් කොට දිවයිනේ සියලුම  ප්‍රදේශ ආවරණය කරමින් එළඹෙන සෙනසුරාදා ඩෙංගු මර්ධනයට රටම එකතුවන අවස්ථාව ද සජීවීව ප්‍රචාරය කිරීමට සියලු මාධ්‍ය බලාපොරොත්තු වනවා.


හෙට උදෑසන 9 සිට 11 දක්වා ප්‍රචාරය කෙරෙන සජීවී වැඩසටහන සියලුම සමාජ වෙබ් අඩවිය හරහා ද නැරඹිය හැකියි. සියලුම ජනමාධ්‍ය සහ ජංගම දුරකතන සමාගම් ද මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගෙන සිටිනවා.

No comments:

Post a Comment

Post Bottom Ad