ශ්‍රී ලංකා ක්‍රිකට්, සූරියවැව කම්කරුවන්ගේ රෙදි ගලවයි [ඡායාරූප සහිතයි] - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 12, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට්, සූරියවැව කම්කරුවන්ගේ රෙදි ගලවයි [ඡායාරූප සහිතයි]

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාවට පත් වූ සිම්බාබ්වේ - ශ්‍රී ලංකා තරග කාලසීමාවේදී ක්‍රීඩාංගණයේ තාවකාලික පදනම මත සේවය කළ කම්කරුවන්ගේ වැටුප් ලබාදීමට පෙර ඔවුන් ඇද සිටි රෙදි ගලවාගැනීම නිසා ඔවුන් දැඩි ලෙස අපහසුතාවකට පත්වූ බව වාර්තා වනවා.

ක්‍රීඩාංගණයේ සේවය සඳහා තාවකාලික පදනම මත කම්කරුවන් 100ක් පමණ බඳවාගෙන තිබෙන අතර, ඔවුන් සඳහා දෛනිකව රුපියල් 1000 ක දීමනාවක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. තරගාවලිය ඊයේ (10) දින නිමාවීමෙන් පසු එහි සේවය කළ කම්කරුවන්ගේ තමන්ගේ දෛනික වැටුප් ලබාගැනිමට ගිය අවස්ථාවේ එහි පාලනාධිකාරිය පවසා ඇත්තේ, වැටුප් ලබාගැනීමට පෙර ක්‍රිකට් ලාංඡනය සහිත ඇඳ සිටින කලිසම නැවත ලබාදෙන ලෙසයි. හදිසියේ ඇති වූ මෙම තත්වයත් සමගින් එහි සේවය කළ කම්කරුවන් දැඩි අපහසුතාවකට පත් වූයේ ඇද සිටි කලිසම ගලවා දීමෙන් පසු ඔවුනට ඇඳගෙන යාමට යට කලිසම හැරුණුකොට වෙනත් කලිසමක්ද රැගෙන නොඒමයි. 


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු කම්කරුවන් කියා සිටියේ,
"අපි දෛනිකව රුපියල් 1000ක දීමනාවකට තමයි මෙහි සේවයට ගත්තේ. මං අදට දින 06ක් මෙහි වැඩ කළා. අද වැටුප් ලබාගන්න ගියාම කියනවා ඇඳගෙන ඉන්න කලිසම ගලවා දෙන්න වැටුප් ගන්න නම් කියලා. අඩුම තරමේ මේ අයට අපිට ඒ පිළිබඳව වේලාසනින් දැනුම් දෙන්න තිබුණා. එහෙම වුණානම් අපි වෙන කලිසමක්වත් අරගෙන එනවා. කලිසම දෙන්නේ නැතිනම් වැටුප් නොදෙන නිසා ඇඳ සිටි කලිසම් ගලවා දීලා යට ඇඳුම පිටින් ගිහින් වැටුප් අරගෙන ආවා. දැන් ඉතින් ගෙදර යන්න විදියක් නෑ."
කෙසේ වෙතත් කම්කරුවන් ඇඳ සිටි කලිසම් ගලවා දීමෙන් පසු පිරිසක් යට ඇඳුම් පිටින්ම පිටව ගිය අතර තවත් පිරිසක් තමන් ඇඳ සිටි ටී ෂර්ට් ඇදගෙන නිවෙස් වෙත යනු දැකගත හැකිවිය. මේ සම්බන්ධයෙන් සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කාර්යයේ නියුතු කරන නිලධාරියෙකු පැවසුවේ, තමන් වෙත ක්‍රිකට් ආයතනයෙන් දැන්වූ පරිදි කටයුතු කළ බවයි.





No comments:

Post a Comment

Post Bottom Ad