උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ

උතුරේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට හිටපු LTTE සාමාජිකයින් සම්බන්ධ නෑ
පසුගිය දිනවල උතුරු පලාතේ සිදුවුනු ප්‍රචණ්ඩකාරී කිසිදු සිදුවීමකට පුනරුත්තාපනය ලැබූ කිසිදු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවට පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් ජනක රත්නායක මහතා පවසයි.
 
කොමසාරිස් ජනරාල් වරයා මේ බව කියා සිටියේ වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු නිදහස් කොට ඔවුන්ගේ දෙමාපියන් වෙතට භාර දීම හා නිදහස් වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ පවුල් වෙතට උපකරණ කට්ටල බෙදා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
 
මෙහිදී උතුරු නැනෙහිර නිදහස් වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික පවුල් 200 ක් වෙනුවෙන් ඔවුන්ගේ ජීවන තත්වය නගා සිටුවීම උදෙසා මහන මැෂින්ද ප්‍රධානය කිරීමක් සිදු විය.
 
මෙහිදී අදහස් දැක්වූ පුනරුත්තාපන කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් කියා සිටියේ ‘‘ පසුගිය දිනවල යාපනයේ විවිධ වූ මංකොල්ල කෑම් පහරදීම් වැනි ප්‍රච්ණ්ඩක්‍රියා කිහිපයක් වාර්ථාවුනා නමුත් ඒ කිසිම ක්‍රියාවකට පුනරුත්තාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සම්බන්ධ වෙල නැහැ ඒකෙන් පෙන්නුම් කෙරෙනවා පුනරුත්පන කාර්යාවලියේ සාර්ථකත්වය යනුවෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad