මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට එරෙහිව ඩීඑස් සාපෙළ සිසුවාගෙන් පොලිසියට පැමිණිලි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

මේජර් ජෙනරාල් කමල් ගුණරත්නට එරෙහිව ඩීඑස් සාපෙළ සිසුවාගෙන් පොලිසියට පැමිණිලි


යුද හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තමන්ට පාසල ඉදිරිපිටදී පහරදීමක් කළේ යයි කුරුඳුවත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශයට ඩීඑස් සේනානායක විදුහලේ සාමාන්‍ය පෙළ සිසුවෙකු පසුගිය 17 වනදා පැමිණිල්ලක් සිදු කර ඇත.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි එම ිසසුවා ප්‍රශ්න පත්‍රයක් අවසන්වී පාසල අසළ සිටියදී මෙම පහරදීම කර ඇති විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න එසේ කරන්නට හේතුවන්නට ඇත්තේ තමන් සමග ආරවුලක් ඇති කරගත් තවත් පාසල් සිසුවෙකුගේ ඥාතීත්වයක් විශ්‍රාමික මේජර් ජෙනරාල් වරයාට තිබෙන නිසා විය හැකි යයිද ඔහු පවසා ඇත.

මෙම සිසුවාගේගැටලුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත. මින් ඉහත මෙම සිසුවා රාවය පුවත්පතටද මේ ගැන ප්‍රකාශයක් සිදු කර තිබුණ අතර මේජර් ජනරාල්වරයා වෙබ් අඩවියකට පවසා තිබුනේ මෙම ඥාතීත්ව කතාව සත්‍යයක් වන නමුත් පහරදීම අසත්‍යයක් බවත් එදා තමා සිටියේ විදේශගතව බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad