බත් පැකට්‌ටුවක මිල අද සිට ඉහලට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

බත් පැකට්‌ටුවක මිල අද සිට ඉහලට

බත් පැකට්‌ටුවක මිල අද සිට ඉහලට

මෙරට සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යැම නිසා බත් පැකට්‌ටුවක මිල අද (19) සිට රුපියල් 10 කින් ඉහළ දැමු බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

මෙහි අරමුණ සහල් මිල රුපියල් 60 ක පාලන මිලක්‌ දක්‌වා ගෙන ඒම බවද ඔහු පෙන්වා දුන්නේය.

හාල් මිල රුපියල් 80, 90, 100 ආදී ගණනට ඉහළ ගොස් ඇති බවත් පාරිභෝගික අධිකාරිය වටලන්නේ නැති නිසා වෙළෙඳසැල් හිමියන් හිතෙන හිතෙන ගණන්වලට හාල් විකුණන බවත් අසේල සම්පත් මහතා පෙන්වා දෙයි.

මේ හේතුවෙන් බත් පැකට්‌ එකේ මිල රුපියල් දහයකින් වැඩි කිරීමට තීරණය කළ බවත් බත් පැකට්‌ටුවේ මිල වැඩි කරන්නේ සහල් කිලෝව රුපියල් 60 ක පාලන මිලක්‌ ඇති කිරීමට රජයේ අවධානය යොමු කිරීමේ අරමුණින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

 

No comments:

Post a Comment

Post Bottom Ad