ජනපති - අගමැති කාර්යාල ලිපිවලට ඉඩම් නොදෙන ලෙස ඇමැතිගෙන් නියෝගයක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ජනපති - අගමැති කාර්යාල ලිපිවලට ඉඩම් නොදෙන ලෙස ඇමැතිගෙන් නියෝගයක්!

ජනපති - අගමැති කාර්යාල ලිපිවලට ඉඩම් නොදෙන ලෙස ඇමැතිගෙන් නියෝගයක්!

ජනපති කාර්යාලයේ සහ අගමැති කාර්යාලයේ ඇතැම් නිලධාරීන් එවන ලිපිවලට ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලයේ ඉඩම් දෙන්න එපා’ යැයි වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කළුතර ඉඩම් ප්‍රතිසංස්කරණ අධ්‍යක්ෂවරියට උපදෙස් දී තිබේ.

කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කළුතර ඉඩම් ප්‍රතිසංස්කරණ බලමණ්ඩලයේ අධ්‍යක්ෂවරියට අමාත්‍යවරයා මෙලෙස උපදෙස් දී ඇත.

මෙසේ නිකුත් කර ඇති ඇතැම් ලිපි පිළිබඳව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා කිසිවක් නොදන්නා බවත් එවැනි ලිපිවලට ඉඩම් ලබාදීමට පෙර දේශපාලන නායකත්වය දැනුම්වත් කරන ලෙසත් ඇමැතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අගමැති කාර්යාලය එවන ලද ලිපියකට අනුව ඉඩම් ප්‍රතිසංස්කරණ බල මණ්ඩලය ඉඩමක් ලබාදීම සම්බන්ධව කරුණු අනාවරණය වීමෙන් පසු මෙම උපදෙස් ලබාදුන් අතර මින් ඉදිරියට එවැනි ලිපිවලට කිසිදු ඉඩමක් ලබා නොදෙන ලෙසද ඇමැතිවරයා අවධාරණය කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad