මහින්ද පිලේ මන්ත්‍රීට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

මහින්ද පිලේ මන්ත්‍රීට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණයක්

මහින්ද පිලේ මන්ත්‍රීට ශ්‍රීලනිපයෙන් විනය පරීක්ෂණයක්

විනය විරෝධී චෝදනාවට ලක්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඉදිරිපත් කළ නිදහසට කරුණු පිළිගත නොහැකි බැවින් ජනවාරි 20දා පැවැත්වෙන විනය පරීක්ෂණයට සහභාගි වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ‍ලේකම් දුමින්ද දිසානායක මහතා ඒ මහතාට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, නායකත්වය, විවේචනය කිරීම යන චෝදනාවන්ට ලක්වූ සනත් නිශාන්ත මන්ත්‍රීවරයාට මේ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන්නැයි මහ ‍ලේකම්වරයා මීට පෙර දැනුම් දී තිබිණි.

ඒ සම්බන්ධයෙන් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා නිදහසට කරුණු ඉදිරිපත් කර තිබුණු අතර එම කරුණු පිළිගත නොහැකි බව මහ ‍ලේකම්වරයා විසින් දැනුම්දී ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ නීතිඥ චම්පානි පද්මසේකර කීර්ති, සිගේරා හා ඩී.ජයමාන්න යන නීතිඥවරුන්ගෙන් සමන්විත විනය මණ්ඩලය හමුවේ පක්ෂ මූලස්ථානයේදී ලබන 20 දා පැවැත්වෙන විනය පරීක්ෂණයට සහභාගි වන්නැයි මහ ‍ලේකම්වරයා සනත් නිශාන්ත මහතාට දැනුම් දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad