මන්ත්‍රී වාහන දීමනාවේ තීරණය හකුලාගනී?  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

මන්ත්‍රී වාහන දීමනාවේ තීරණය හකුලාගනී? 

මන්ත්‍රී වාහන දීමනාවේ තීරණය හකුලාගනී? 

ප්‍රාදේශීය සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනෙකුට රුපියල් ලක්ෂ 2ක ප්‍රවාහන දීමනාව වෙනුවට රුපියල් 590000ක මාසික කුලී පදනමට වාහනයක් ලබාදීමට රජය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක නොවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊට හේතු වී ඇත්තේ අදාළ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ගිවිසුමට පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ මහතා මෙතෙක් අත්සන් නොකිරීම බව එම ආරංචි මාර්ග පැවසී ය.

මේ අතර නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 100000ක දීමනාව හා පාර්ලිමේන්තුවේ එක් සැසියකට එක්විම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 2500ක දීමනාවත් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන් එම වැඩි කළ මුදල් ලබානොගන්නා බව ඔහු කතානායක කරු ජයසූරිය මහතාට ලිපි දෙකක් මගින් පවසා තිබේ. 

 

No comments:

Post a Comment

Post Bottom Ad