මේ වසරේත් ශ්‍රීලන්කන් සමාගමට කෝටි 342ක පාඩුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

මේ වසරේත් ශ්‍රීලන්කන් සමාගමට කෝටි 342ක පාඩුවක්

මේ වසරේත් ශ්‍රීලන්කන් සමාගමට කෝටි 342ක පාඩුවක්

ශ්‍රීලන්කන් ගුවන් සමාගම මේ වසරේ රුපියල් කෝටි 342ක පාඩුවක් ලබා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ නවතම වාර්තාවක දැක්වේ.

මෙම අලාභය ඊට පෙර වර්ෂයට (2015) වඩා සාපේක්ෂව සියයට 70ක පමණ අඩු වීමක් බවද ශ්‍රීලන්කන් ගුවන් සමාගම 2015 වර්ෂයේදී ලබා තිබූ මෙහෙයුම් අලාභය රුපියල් කෝටි 815ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල පහත වැටීම ගුවන් සමාගමේ මේ වසරේ මූල්‍ය කාර්ය සාධනය වර්ධනය වීමට දායක වුවද මෙම ප්‍රතිලාභය ගුවන් සමාගමට සැලකිය යුතු ලෙස අහිමිවූයේ අනෙකුත් ගුවන් සමාගම් කොළඹ දක්වා ගුවන් ගමන් ධාරිතාව වැඩි කිරීම හා ඇතැම් වෙළෙඳපොලවල ගුවන් ගමන් ගාස්තු සීග්‍ර ලෙස පහත වැටීම නිසා බවද එම වාර්තාව මගින් පෙන්වා දෙයි.

මේ අතර ගුවන් සමාගමේ උපායමාර්ගික ව්‍යාපාර ඒකකයන්හි කාර්ය සාධනයේදී ගිය වසරට සාපේක්ෂව මේ වසරේ වර්ධනයක් පෙන්නුම් කරන බවද එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

 

No comments:

Post a Comment

Post Bottom Ad