තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)

තර්ජනය කර බලෙන් ලබාගත් දෙයක් ගැන ගෝඨා හෙළිකරයි (VIDEO)

තර්ජනය කර විරුද්ධ පක්ෂයේ සභාපතිකම බලෙන් ලබා ගත් බවත් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තර්ජනය කළ බව තමා ප්‍රකාශ නොකරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

“පක්ෂ සභාපතිකම භාරදෙන්න කියන්න. ආණ්ඩුව අපේ. අපි උසාවි ගිහිල්ලා ගන්න හැටි දන්නවා.“ යැයි දුමින්ද දිසානායක ඇමැතිවරයා තමන්ට කතා කර කියූ බවද ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඔහු මේ බව පැවසූයේ ජපානයේ දී මහින්ද එකමුතුව විසින් සංවිධාන කල ජනහමුවක් අමතමිනි.

වත්මන් ආණ්ඩුව විසින් නීතිය හා සාමය රැකීමට බව පවසමින් විවිධ ක්‍රියාමාර්ග ගත්තද පැවති ආණ්ඩුව රට තුළ නීතිය හා සාමය ගොඩනැඟූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු  ඕනෑම පුරවැසියෙකුට රටේ ඕනෑම ප්‍රදේශයකට යා හැකි පරිදි පසුගිය ආණ්ඩුව විසින් රට තුළ සාමය ගොඩනැඟූ බව හෙතෙම සඳහන් කළේය.

ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමට එරෙහිවූවන් හැර මාධ්‍යවේදීන් පිළිබඳ තමාට ගැටළුවක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී වැඩිදුරටත් පැවසී ය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

No comments:

Post a Comment

Post Bottom Ad