සූර්යා මත අද (09) පස්වරුවේ කළු තිතක් දැක ගත හැකි බවත් එම සිදුවීම නිරීක්ෂණය කිරීම සඳහා එක එල්ලේ සූර්යයා දෙස බැලීමෙන් වළකින ලෙසත් ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා ප්‍රියංකා කෝරලගේ මහත්මිය සඳහන් කරයි.බුධ ග්‍රහයාගේ සංක්‍රාන්තිය හේතුවෙන් එලෙස බුධ ග්‍රහයා සූර්යයා මත කළු තිතක් ලෙස දැකගත හැකි බව ඇය පෙන්වා දෙයි. එම සිදුවීම සිදුවන්නේ වසර 10කට පසුවන අතර නැවත එවැනි සිදුවීමක් දැකගත හැකිවන්නේ වසර 16 කට පසු බව ද ඇය කියා සිටී.
සූර්යයා, බුධ ග්‍රහයා සහ පෘතුවිය එක ම රේඛාවක් මතට පැමිණීම තුළින් එය දර්ශනයවන බව වාර්තා වේ. පෘතුවියට සුර්යාගෙන් ලැබෙන ආලෝකය එලෙස බුධ ග්‍රහයාගෙන් ආවරණයවීම හේතුවෙන් බුධ ග්‍රහයා කළු තිතක් ලෙස දිස්වනු ඇත.
එම සිදුවීම නිරීක්ෂණය කිරීම සඳහා අද පස්වරු 04.00 සිට ගාලු මුවදොර පිටියේ විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු යොදා තිබේ.
ඊට අදාල වීඩියෝවක් පහතින්,
No comments:
Post a Comment