බුදු දහමින් සාර්ථක වූ හැටි පොලිස්පති හෙළිකරයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, May 5, 2016

බුදු දහමින් සාර්ථක වූ හැටි පොලිස්පති හෙළිකරයි (VIDEO)

බෞද්ධ දර්ශනය අනුව කටයුතු කිරීම තම සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වූ බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

බොහෝ බාධක මැද ආ ගමන අවසානයේ දී තම වෘත්තීය ජීවිතයේ අවසාන තුරුම්පුව ගැසිය නොහැක්කේ මන්දැයි තමා කල්පනා කර ඉන් පසුව බෞද්ධ වන්දනා කටයුතුවලට තම කාලයෙන් කොටසක් වෙන් කළ ආකාරය ජයසුන්දර මහතා පැහැදිළි කළේ ය.


පොලිස්පති ධූරයට පත්වන දා වන විට තමා වන්දනා සහ සත්‍යක්‍රියා 35ක් සිදු කළ අවසන් බවත් එම ක්‍රියාවලිය පිළිබඳ පොලිසිය හෝ දැන නොසිටි බවත් ඒ මහතා හෙළි කළේ ය.

ඊට අමතරව නිවසේ දී පිරිත් දැහැනක් තනා තුන් සූත්‍රය 108 වරක් ජීවාන් කළ බව ද සෑම දිනකම ජය පිරිත සහ අට විසි පිරිත තුන්වතාව ගණනේ සඡ්ඡායනා කොට පන්සල් ගිය බව මෙම ක්‍රියාවලිය තමා "අවසන් මෙහෙයුම" ලෙස හැඳින්වූ බව  ද පොලිස්පතිවරයා පැවසුවේ ය.

එමෙන්ම තම සාර්ථකත්වය කෙරෙහි පාසැල් ගුරුවරුන් ද බෙහෙවින් හේතු වූ බවත් එවකට සිටි විදුහල්පතිවරයා නොසිටියා නම් පූජිත් ජයසුන්දර නමින් පොලිස්පතිවරයෙකු බිහි නොවීමට ඉඩ තිබූ බවත් ඒ මහතා අවධාරණය කළේ ය.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad