සේරුවිල ආදාහනය මැද දෙපිරිසක් ගැටෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

සේරුවිල ආදාහනය මැද දෙපිරිසක් ගැටෙයි (PHOTOS)

අපවත් වී වදාල සේරුනුවර සරණකිත්ති අනුනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඊයේ (07) පැවැත්වුණි. ආදාහන පූජෝත්සවය අතරමග දී ගිහි දෙපිරිසක් අතර ගැටුමක් හට ගත්තේ ය.

පසුව එය සමථයකට පත් කිරීමට පොලීසියට ද මැදිහත් වීමට සිදු විය.
සේරුවිල චෛත්‍ය වර්ධන සමිතිය වෙනුවෙන් මහාචාර්ය විමල් විජේරත්න මහතා කතා කරමින් සේරුවිල රජමහා විහාරයේ මීලඟ අධිපතිත්වය චෛත්‍ය වර්ධන සමිතියට සම්බන්ධ හිමිනමකට ලැබිය යුතු යැයි පැවසීමත් සමගයි මෙම ගැටුම ආරම්භ වී තිබෙන්නේ.

මෙම කරුණ පිළිබඳව අධිකරණයේ නඩුයක් ද විභාග වෙමින් පවතියි.
ආදාහන පූජෝත්සවයේ කටයුතු මෙහෙයවීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් පත් කැරුණු සේරුනුවර ප්‍රාදේශීය ලේකම් පී.ආර්. ජයරත්න මහතා මෙම ගැටුමෙන් පසු ගිහි කතා නතර කර සංඝරත්නයෙන් ඉල්ලා සිටියේ දේහය චිතකයට ඇතුළු කර ආදාහන පූජෝත්සවයේ කටයුතු පවත්වන ලෙසයි.

ඒ අනූව පස්වරු 6 ට පමණ චිතකයට ගිනි දැල්වූ අතර කොටපළ අමරකිත්ති හිමියන් විසින් ඇති වූ මෙම සිද්ධිය පිළිබඳව අපවත් වූ අනුනායක හිමියන්ගෙන් ද, සංඝරත්නයෙන් ද, දායකාරකාධීන්ගෙන් ද සමාව ඉල්ලා තිබේ.

ඡායාරූප පහතින්.....
DSC05090
DSC05096
DSC05116
DSC05123
DSC05134
DSC05160
DSC05164
DSC05170
DSC05176
DSC05177
DSC05179
DSC05188

No comments:

Post a Comment

Post Bottom Ad