පාසල් නිවාසාන්තර ක‍්‍රීඩා පැවැත්වූ ඉකුත් පාසල් වාරයේ ගල්ගමුව අධ්‍යාපන කොට්ඨාශයට අයත් එක්තරා ජාතික පාසලක අපචාර රැසක් සිදු වී ඇති බවට වාර්තා වෙනවා.
පාසලේ ක‍්‍රීඩා කටයුතු සදහා පාසලේ ළමුන් මෙන්ම ගුරුභවතුන්ද රාත‍්‍රී කාලයේද පාසලේ විවිධ උත්සව කටයුතු සදහා මෙන්ම නිවාස ඉදිකිරීමේ කටයුතු සදහාද පාසලේ නතර වී සිට ඇති අතර මේ තත්වය හේතු කොටගෙන මෙම අපචාර සිදුවන්නට ඇතැයි දෙමාපියන්ද චෝදනා කර තිබෙනවා.
පාසලේ මුර කුටි තළ තිබී ගැහැණු ළමුන්ගේ යට ඇදුම් හමුවීමත්, පාසලේ ප‍්‍රධාන ශාලාව තුළ තිබී උපත් පාලන කොපු කිහිපයක් හමුවීමත් සමඟ මෙම දිනයන් තුළදී පාසල තුළ පාසල් ලමුන් විවධ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට වාර්ථා වෙනවා.
කෙසේ වෙතත් දෙමාපියන්ද කියා සිටියේ මින් පෙර කිසිඳු අවස්ථාවක මෙම පාසලේ මෙවැනි කටයුතු සිදු නොවුනු බවත් හිටපු විදුහල්පතිවරයා කිසිදු අවස්ථාවක රාත‍්‍රි කාලයේ ගැහැණු ලමුන්ට පාසලේ නතර වීමට ඉඩ ලබා නොදුන් බවත්ය. මේ වන විට මෙම පාසලේ සිදුවන ඇතැම් ක‍්‍රියා හේතු කොටගෙන පාසලේ ළමුන් පමණක් නොව ගුරුවරුන්ද පිරිහී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ.
එසේම ඔවුන් තවදුරටත් කියා සිටියේ මෙම පාසලේ නිවාසාන්තර උළෙල පැවති දිනයේ උත්සවයේ නිමාව සනිටුහන් වීම පිළිබදවද කිසිදු අවස්ථාවක සෑහිමකට පත් විය නොහැකි බවය. ඕනෑම උත්සවයක් අවසානයේ ජාතික ගීය වාදනය කර විසිර යාම සනිටුහන් කිරීම සිරිත වුවද මෙදින මෙම පාසලේ උත්සවයේ වැඩ අවසන් කර ඇත්තේ හින්දි භාෂාවෙන් වාදනය වන ගීත දෙකක් දමා ගුරුවරුන් හා ශිෂ්‍යයන් ඒවාට නර්ථය ඉදිරිපත් කරමිනි.
මෙම තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශවාසීන් බොහෝ දෙනෙකු කියා සිටියේ මෙම පාසලේ ගොඩ නැගී ඇති කීර්තිනාමය මේවන විටත් පිරිහී ගොස් ඇති බවත් එය නැවත කිසි කලෙක පෙර තිබූ අයුරින් ගොඩනැගිය නොහැකි බවත්ය.
Sunday, May 8, 2016
Home
ප්රවෘත්ති
නිවාසාන්තර ක්‍රීඩා උළෙලදා රාත්‍රියේ ගල්ගමුව පාසැලක අමුතු සෙල්ලම් - කාන්තා ඇඳුම් තැනතැනලූ
නිවාසාන්තර ක්‍රීඩා උළෙලදා රාත්‍රියේ ගල්ගමුව පාසැලක අමුතු සෙල්ලම් - කාන්තා ඇඳුම් තැනතැනලූ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment