සිදුකල සුළු වැරද්දක් නිසා පිරිකම කපාගත් 66 හැවිරිදි පුද්ගලයාගේ ශෝකාන්තය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 8, 2016

සිදුකල සුළු වැරද්දක් නිසා පිරිකම කපාගත් 66 හැවිරිදි පුද්ගලයාගේ ශෝකාන්තය

ලිංගික ශක්තිය වැඩිදියුණු කරගැනීමේ අරමුණෙන් යුතුව බොහෝ දෙනෙක් භාවිතා කිරීමට පුරුදුව සිටින ව්යාග‍්‍රා පෙති වල ඇති ප‍්‍රධානම අතුරු ආබාදයක් ලෙස හිසරදය හඳුන්වන්නට පුළුවන්. නිර්දේශිත ප‍්‍රමාණයට වඩා වැඩියෙන් එය ශරීගත වුනොත් කුමක් සිදුවේවිද ?

තම පෙම්වතියව පුදුමයට පත්කිරීමේ අරමුණෙන් යුතුව සිතාමතාම අධික ව්යාග‍්‍රා මාත‍්‍රාවක් ලබාගත් 66 හැවිරිදි පුද්ගලයෙකුට සිදුවුණු දෙය පිළිබඳව ඇසුවොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ. ඬේලි මේල් වෙබ් අඩවිය වාර්තා කල පරිදි, අධික ව්යාග‍්‍රා මාත‍්‍රාවක් ශරීරගත වී තිබුණු නිසා ඔහුගේ ශිෂ්ණය දින කිහිපයක් පුරාවටම ප‍්‍රාණවත්ව පැවති අතර එම තත්වය කෙතරම් දුරදිග ගියාද කිව්වොත් අවසානයේදී ඔහුගේ ශිෂ්ණය කපා ඉවත් කරන්නට සිදුවුනා.

දින කිහිපයක් පුරාවට ප‍්‍රාණවත්ව තිබුණු  ශිෂ්ණය නැවත යතා තත්වයට පත්කරගැනීම සඳහා ඔහු ලිංගික අප‍්‍රාණිකත්වය ඇතිකරන ඖෂධ ලබාගෙන තිබෙනවා. නමුත් එම ඖෂධ හේතුවෙන් ඔහුගේ ශිෂ්ණය බිඳී ගොස් තිබුණු අතර දැවිල්ල ගතියක්ද හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් ඇතිවුණු ඇග මස් කුණුවීම එසේත් නොමැතිනම්  ඕඩු දිවීම කියන තත්වය මුළු ඇග පුරාවටම පැතිර යාම වැලැක්වීම සඳහා වෛද්‍යවරුන්ට සිදුකල හැකි එකම දෙය වුනේ ශිෂ්ණය කපා ඉවත් කිරීම පමණයි.

මෑතකදී සිදුවුණු මෙම සිදුවීම නිසා, වෛද්‍යවරුන් මහජනතාවට අනතුරු අගවා සිටින්නේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව කිසිවිටෙක ලිංගික අප‍්‍රාණිකත්වය ඇතිකරන ඖෂධ ලබා නොගන්නා ලෙසයි. ව්යාග‍්‍රා වැනි ඖෂධ භාවිතයේදී නියමිත මාත‍්‍රාව පිළිපැදීම අනිවාර්යයි.

No comments:

Post a Comment

Post Bottom Ad