මර්වින් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

මර්වින් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට (PHOTOS)

මර්වින් ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයට (PHOTOS)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (16) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
"ඒකාබද්ධ විපක්ෂය" යන නම සහ ලාංඡනය මුද්‍රණය කර තිබූ බැනරයක් මෙම මාධ්‍ය හමුවේ පිටුපසින් ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි විය.

සැබෑ "ඒකාබද්ධ විපක්ෂය" තමා අද දින ආරම්භ කරන බවත්, එහි නායකයා තමා බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් පවත්වාගෙන යන "ඒකාබද්ධ විපක්ෂය" යනු ශරීරයට අනවශ්‍ය දෑ එකතු වෙන උණ්ඩුක පුච්ඡය වැනි එකක් බවත් මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.

කුමන හෝ හේතුවක් නිසා හිටපු ජනාධිපතිවරයාට සහය පළ කරන "ඒකාබද්ධ විපක්ෂය" හා එක්ව සිටින ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින්ට අගෞරව කිරීමට අදහසක් තමා තුළ නොමැති බවත් රාජපක්ෂවරුන් පිළිබඳව තමා තරම් දන්නා කෙනෙකු එම "ඒකාබද්ධ විපක්ෂය" තුළ නොමැති බවත් ඒ මහතා පැවසුවේ ය.


ඡායාරූප පහතින්....
sss13224105_10156873130870693_1193403861_o

No comments:

Post a Comment

Post Bottom Ad