රෝහිත ජනපති කොමිසමට එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 16, 2016

රෝහිත ජනපති කොමිසමට එයි

රෝහිත ජනපති කොමිසමට එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද(16) පෙරවරු 09.30ට පමණ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේ වරාය හා නාවික ව්‍යාපෘති අමාත්‍යවරයා ලෙස  රෝහිත අබේගුණවර්ධන මහතා කටයුතු කරනු ලැබීය.

එවකට හම්බන්තොට වරායේ දියවර මංගල්‍ය අවස්ථාවේ සහ විවෘත කීමේ අවස්ථාවේ සිදු වූ බව කියන මූල්‍ය  අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා රෝහිත අබේගුණවර්ධන මහතා කොමිසම වෙත කැඳ වූ බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad