KFC කෑමකින් පණුවන් මතු වී Facebook කැළඹෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

KFC කෑමකින් පණුවන් මතු වී Facebook කැළඹෙයි (PHOTOS)

අන්තර්ජාතික ක්ෂණික ආහාර සැපයුම්කරුවෙකුවන KFC සමාගමෙහි මෙරට ශාඛාවක අළෙවි කළ ආහාරයක තිබී පණුවන් හමු වූ බව කියමින් Facebook වෙත මුදාහැර ඇති ඡායාරූපයක් මේ වන විට මහත් කැළඹීමක් කරන්නට සමත් වී තිබේ.

වැල්ලවත්ත KFC ශාඛාවෙන් අළෙවි කළ බව පැවසෙන "බර්ගර්" ආහාරයක මෙම පණුවන් හමු වූ බව පවසා ඇත්තේ Facebook සාමාජිකාවක විසිනි. නවුශින් අශ්රාෆ් නමැති ඇය පවසන්නේ තම පුත්‍රයා වැල්ලවත්ත KFC ශාඛාවෙන් මිලට ගත් බර්ගර් එකක අන්තර්ගත වූ කුකුළු මස් කැබැල්ලක් තුළ මෙම පණුවන් හමු වූ බව යි.

එමෙන්ම එම Facebook සටහන තුළින් KFC ආහාර මිල දී නොගන්නා ලෙස ඉල්ලන මොහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ විශේෂයෙන් වැල්ලවත්ත KFC ශාඛාවෙන් ආහාර මිලට නොගන්නා ලෙස යි.

එම ෆේස්බුක් සටහන සහ අදාළ ඡායාරූප පහතින් නරඹන්න...


No comments:

Post a Comment

Post Bottom Ad