පසුගිය ඉරිදා දිනයේ ජවිපෙ නායක අනුර දිසානායක සම්බන්ධයෙන් පල කරන ලද ලිපිය සම්බන්ධයෙන් දිවයින ඉරිදා පුවත්පත මෙවර ඉරිදා පුවත්පතෙන් කිසිදු සමාවක් ගෙන නැත.
ජවිපෙ විසින් ඒ සම්බන්ධයෙන් සමාන වටිනාකමක් දී පල කරන්නට කිසිදු පැහැදිලි කිරීමක් දිවයිනට එවා නැති බවද වාර්තා වෙයි.
එසේ වුවත් එම පක්‍ෂයේ නායකත්වය සම්බන්ධයෙන් කිසිදු අර්බුදයක් නැති බව පමණක් පක්‍ෂය දැන්වූයේ යයි දිවයින පුවත්පතේ දක්වා ඇත්තේ වාක්‍ය දෙකකිනි. ජවිපෙ විසින් මේ දක්වා අදාල ලිපිය සම්බන්දයෙන් පුවත්පතට නඩු දැමීමක් සිදු කර නැති අතර පුවත්පත් කොමිසමට පැමිණිල්ලක් පමණක් කර ඇත.
විපෙ නායකයා අප්‍රෙල් මාසය පුරා අයර්ලන්තයේ සිටි බවට දැන් දැන් ජවිපෙ නායකයින් සහ ඔවුන් විසින් හසුරුවන මාධ්‍ය පිලිගනිමින් තිබුනද අයර්ලන්තයේ පිහිටවූ එකම ශාකාවක් හෝ ඇමතු එකම රැස්වීමක් ගැන එකම පින්තූරයක් හෝ පෙන්වන්නට අසමත් වී ඇත.
පසුගිය සතියේ පැවති රූපවාහිනී විවාදයකදී ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරයෙකු කියා සිටියේ ‘යන්නෙ කොහොද මල්ලෙ පොල්’ උපමාව දැන් අවලංගු වී දැන් ඇත්තේ ‘අනුර කුමාර දිවයිනට උත්තර දුන්නා වගේ’ උපමාව බවයි.
Sunday, May 15, 2016
‘පුහුල් හොරා කරෙන් දැනේ’.. – දිවයින සමාව නොගනී.. ජවිපෙ නඩු නොදායි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment