ගුටි කෙළියට ගිය අයට මන්ත්‍රී ධුර අහිමි වෙයි? - පක්ෂයෙනුත් දොට්ට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

ගුටි කෙළියට ගිය අයට මන්ත්‍රී ධුර අහිමි වෙයි? - පක්ෂයෙනුත් දොට්ට

පාර්ලිමේන්තුව තුළ කලහකාරී ලෙස හැසිරුණු තම පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිව පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ග ගනු ලැබුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහිමි වීමට ඉඩ තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ අද (04) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.
පාර්ලිමේන්තුව තුළ කලහකාරීලෙස හැසිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයට අයිතිය තිබෙන බවත්, එවැනි ක්‍රියාමාර්ගයකට පිවිසියහොත් එම මන්ත්‍රීවරුන් පක්ෂයෙන් ඉවත් කිරීමට බලය තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේ වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුරය අහිමිවන බවද ප්‍රකාශ කළේය. 
මේ අතර පාර්ලිමේන්තුවේ ඊයේ (03) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු කමිටුව සකස් කළ වාර්තාව අද(04) කථානායක කරු ජයසූරිය මහතාට භාර දී තිබේ.

ගැටුමට සම්බන්ධවූවන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කරන බව ද නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ ය.
පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ ඇති වූ ගැටුම පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තා ඡායාරූප මෙන් ම වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම වාර්තාව සකස් කර ඇතැයි වාර්තා වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුද හමුදා ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව මෙම ගැටුම හටගත් අතර ඉන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad