'මැතිසබේ ගුටිකෙලිය' ගැන සකස් කළ වාර්තාව කථානායකවරයාට  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

'මැතිසබේ ගුටිකෙලිය' ගැන සකස් කළ වාර්තාව කථානායකවරයාට 

පාර්ලිමේන්තුවේ ඊයේ (03) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායකවරයා ඇතුළු කමිටුව සකස් කළ වාර්තාව අද(04) කථානායක කරු ජයසූරිය මහතාට භාර දී තිබේ.

පාර්ලිමේන්තු සභා ගර්භයේ ඊයේ ඇති වූ ගැටුම පිළිබඳ පළ වූ මාධ්‍ය වාර්තා ඡායාරූප මෙන් ම වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම වාර්තාව සකස් කර ඇතැයි වාර්තා වේ.

ගැටුමට සම්බන්ධවූවන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිර්දේශ කරන බව ද නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේ ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ යුද හමුදා ආරක්ෂාව ඉවත් කිරීම පිළිබඳව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අදහස් දැක්වීමෙන් අනතුරුව මෙම ගැටුම හටගත් අතර ඉන් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතා තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad