වෙනිසියුලාව පැයක් ඉදිරියෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 4, 2016

වෙනිසියුලාව පැයක් ඉදිරියෙන්

ඉකුත් මැයි මස 01 වැනි දා සිට වෙනිසියුලාවේ ඔරලෝසු වේලාව පැයක් ඉදිරියට ගෙන ඇතැයි වාර්තා වේ.

එය වෙනිසියුලා ජනපති නිකොලොස් මදුරෝ මහතාගේ උපදෙස් මත එය සිදු කර ඇත.

විදුලි බලය ඉතිරි කර ගැනීමේ අරමුණෙන් එය සිදු කර ඇති අතර රටේ ජල විදුලි බලාගාර සියල්ල මේ වනවිට ක්‍රියා කිරීමට නොහැකි තත්ත්වයේ පවතින බව ජනාධිපති නිකොලොස් අවධාරණය කරයි.

මේ වනවිට වෙනිසියුලා රජය සිය රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැඩ කරන දිනයන් සතියකට දින දෙකක් දක්වා අඩුකර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad