පසුගිය රජයේ ලොක්කන්ගේ 'හොර දේපළ' රජයට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, May 15, 2016

පසුගිය රජයේ ලොක්කන්ගේ 'හොර දේපළ' රජයට

පසුගිය රජයේ ලොක්කන්ගේ 'හොර දේපළ' රජයට
ඉකුත් රජයේ ප්‍රබලයන් රජයේ මුදල් යොදාගනිමින් සිය හිතවතුන්ගේ නම්වලට මිලදී ගත් බිලියන ගණනක් වටිනා දේපළ රජයට පැවැරීමට ඒවායෙහි නියම අයිතිකරුවන් තීරණය කර ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ අතර කෝටි ගණනක් වටිනා හම්බන්තොට සංචාරක හෝටලයක්, දෙහිවල පිහිටි සුඛෝපභෝගී නිවසක් ඇතුළු දේපළ කිහිපයක් මෙලෙස රජයට පැවැරීමට ඒවායෙහි හිමිකරුවන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඉකුත් රජයේ ප්‍රබලයින්ගේ වත්කම් පිළිබඳව ‍පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දිගින් දිගටම පරීක්ෂණ පැවැත්වීමත්, ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමත් නිසා බියට පත් වූ මොවුන් මෙම දේපළ රජයට පවරා දීමට තීරණය කර ඇත. ඒ අනුව ඉදිරි සති කිහිපය තුළදී මෙම පවරා දීමේ  කටයුතු ආරම්භ කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad