හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සහතික කරවා ගැනීම සඳහා මාරාන්තික අරගලයකටද පිරිස් සූදානමින් සිටින බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ නවගමුව පත්තිනි දේවාලයේ ඊයේ (14)පෙරවරුවේ කෙරුණු දේව කන්නලව්වක් හා අධිෂ්ඨාන පූජාවකින් අනතුරුවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම දේව කන්නලව්ව හා අධිෂ්ඨාන පූජාව පවත්වනු ලැබීය.
නවගමුව පත්තිනි දේවාලයේදී කෙරුණු මෙම දේව කන්නලව්ව සහ අධිෂ්ඨාන පූජාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද සහභාගී වී සිටියහ. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට විරෝධය පළ කරමින් අවිස්සාවේල්ල නගරයේදී ඊයේ උද්ඝෝෂණයක් සිදු කෙරිණි.

No comments:
Post a Comment