ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මන්නාරම ඩිපෝවේ රියැදුරන් සහ කොන්දොස්තරවරු අද (05) ධාවන කටයුතුවලින් ඉවත් ව වැඩ වර්ජනයක නිරත වී තිබේ.
ඒ හේතුවෙන් මන්නාරම ඩිපෝවෙන් ගමන් ආරම්භ කරන සියලු බස් රථ සේවා ඇණහිට ඇති බව වාර්තා වේ.
මන්නාරම ඩිපෝවට ගණකාධිකාරිවරයෙකු ඉල්ලා සිටිය ද මෙතෙක් එම තනතුරට අදාළ පත් කිරීම සිදු නොකිරීම එම වැඩ වර්ජනයට හේතුවයි.
මන්නාරම ඩිපෝවේ ගණකාධිකාරිවරයෙකු නොමැතිවීම හේතුවෙන් සේවකයන්ගේ වැටුප් ගෙවීම් වව්නියාව ඩිපෝවෙන් සිදුවන අතර ඒ හේතුවෙන් දැඩි ප්‍රමාදයක් පවතින බව එම සේවකයින් පෙන්වා දෙයි.
වන්නි - රොමේෂ් මධූෂංඛ

No comments:
Post a Comment